කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්
පීඩාවන් ඉදිරියේ ඇති නිසැක බලාපොරොත්තුව.
"ක්‍රිස්තුස් වහන්සේගේ අප්‍රමාණ ප්‍රේමයෙන් අපව වෙන් කළහැක්කේ කාටද? විපතට වත්, සිත්වේදනාවට වත්, පිඩාවට වත්, දුර්භික්ෂයවට ත්, නිර්වස්ත්‍රකමට වත්, උපද්‍රවයට වත්, කඩුවට වත්, උන්වහන්සේ වෙතින් අපව වෙන්කිරීමට හැකිද?" - රෝම 8:35.
පාවුල් තුමාගේ මේ ප්‍රකාශයට හේතුවන පසුබිම වන්නේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය පිළිගැනීම නිසා ඔහුට විරුධව මිනිසුන් ගෙනා විරුද්ධවාදී කමයි. එදිනෙදා ජිවිතයට එල්ලවන වේදනාවන් ගැන නොව නුමුත් ජිවිතයට සැලසුම් සහගතව මිනිසුන් විසින් ගෙන එන පීඩාවන් ගැන කතා කරමින් ඒ ගැන පවසා සිටින මේ පදයේ අර්ථය ගැඹුරු එකක් බව පැහැදිලිව පෙනෙන්නේ, ඔහුගේ පුද්ගලික ජිවිතයට එල්ල කරන එවැනි පීඩා ඔහු විශ්වාසකර අදහන ඒ දෙවියන්වහන්සේ ගෙන් ඔහුව වෙන්කර තැබීමට හෝ එසේම ඒ තුලින් ඔහු උරුමකරගත් සදාකාල ජීවනය ඔහුගෙන් උදුරාගැනීමට හෝ කිසිවෙකුටත් නොහැකි බවත් ඔහු එහි පෙන්වාදීමයි.
ක්‍රිස්තු ඇදහිලිවන්තයන්ට විරුධව නොයෙක් ආකාරයේ ශාරීරික වද හිංසා පැමිණවීම තුළින් දෙවියන් ඇදහීම වැළක්වීමට කටයුතු කල පළමු ශතවර්ෂයේ ජීවත්වූ යුදෙව් ආගමික නායකයන්ගේ පීඩාවන් වලට මුහුණ දෙමින් සිටිදී පාවුල් තුමා විසින් කල මේ ප්‍රකාශය, දෙවියන්වහන්සේ කෙරෙහි ඔහු තුල වූ ඔහුගේ ගැඹුරු විශ්වාසය සහ ඇදහිල්ල පමණක් නොව නුමුත් ඔහු දෙවියන්වහන්සේගේ වචනය ගැනත් ගැඹුරු අවබෝධයකින් ඇතුව සිටිය පුද්ගලයෙකු බවත් පෙන්නුම් කරයි.
දෙවියන් ඇදහීම යන ඒ සම්බන්ධයේ අවසානය ලෙසින් අවසානයේදී ඇදහිලිවන්තයන් උරුමකර ගන්නේ ජයග්‍රගණය මිසක් පරාජය නොවෙන බව පෙන්වාදීමට ඔහු මෙහි උදාහරණයක් කරගන්නේ පීඩාවන් තුලින් ඔහුගේම ජිවිතයට එල්ලවූ මරණිය තර්ජනයයි. ඇදහිල්ලට ඇති විරුද්ධවාදී කම නිසා ඇදහිලිවන්තයන් මරා දැමීමට පවා හැකිවුවත්, ඒ අවසානයේදී ඇදහිලිවන්තයන් මරණය තුලින් සම්බන්ධ වන්නේ දෙවියන්වහන්සේ වෙතට වන නිසා, කොයි පැත්තෙන් බැලුවත් අවසානයේදී ඇදහිලිවන්තයන් දෙවියන්වහන්සේ තුල ජයග්‍රහණය ලැබූවන් පමණක් බව ඔහු මෙහි පෙන්වාදෙයි.
ජිවිතයට එල්ලකරණ පීඩාවන් වලට මුහුණ දීම වේදනාකාරී වුවත් ඒවා තුලින් ඇදහිලිවන්තයන් තමන් ගේ විශ්වාසය සහ ඇදහිල්ල ශක්තිමත් කරගත යුතු බව පෙන්වාදෙන ඔහුගේ අත්දැකීම සමග සම්බන්ධ වී එන රෝම පොතේ දැක්වෙන ඔහුගේ ලිපිය, වර්තමානයේදී පවා ක්‍රිස්තුස් වහන්සේ ඇදහා ගැනීමේ හේතුව නිසා පීඩාවලට මුහුණ දීමට සිදුවන සෑම ඇදහිලිවන්තයෙකුට විශාල බලාපොරොත්තුවක් ගෙනදෙයි.
ක්‍රිස්තුස් වහන්සේ පිළිගැනීමේ හේතුව උඩ කෙරෙන මේ විරුද්ධත්වය ඒ ඈත අතීතයේ පමණක් නොව නුමුත් මේ අදටත් අප අතර පවා දැකීමට හැකියි. මිනිසුන් සිතාමතා ක්‍රිස්තු ඇදහිලිවන්තයන්ගේ ජීවිතවලට හානි පැමිණවීම පිණිස නොයෙක් ආකාරයේ පීඩාවන් ගෙනෙනු ලබන්නේ ක්‍රිස්තු විරෝධය හේතුකරගෙනයි.
විවිධාකාරයෙන් පීඩාවන් එල්ලවන විටදී ඒවාට මුහුණ දීමට ඇති අමාරු කම නිසාම දෙවියන්වහන්සේට අපව අමතක වෙලාද? යනුවෙන් සිතෙන අවස්ථාවන් අපටත් නැතුවා නොවෙයි. එවැනි අවස්තාවන් වලදී ඒවා උඩ ඉන්න දෙවියන්ටවත් පෙනෙන්නේ නැද්ද? යනුවෙන් කරණ වේදනාත්මක දුක් අදෝනාවන් පවා අප අතරින් මතුවෙයි.
මෙහිදී සිදුවන්නේ අනාගතය ගැන සැකය මතු වීමයි. හෙට දවස ගැන ඇති ස්ථිරත්වය සෙලවීමට පටන් ගන්නා විටදී ඒ තත්වය අනාගත බලාපොරොත්තුවද සැකයට ලක්කරයි. එහි අවසානය වන්නේ ජීවිතය ගැන භිය වීමටත් බලාපොරොත්තුව නැතිකර ගැනීමටත් පෙළඹීමයි.
මේ ස්වභාවය මිනිස් මනසේ සාමාන්‍යය ක්‍රියාධාමය වන අතර, අනාගතය ගැන ස්ථිර බලාපොරොත්තුවක් ඇත්නම් පමණක් එවැනි අස්ථිරත්වයෙන් පිරුණූ වේදනාකාරී අභියෝග ඉදිරියේදී නොසැලී සිටගැනීමේ හැකියාව අප ලබාගනියි. එබැවින් පාවුල් තුමා මෙහිදී මතක්කර දෙන්නේ දෙවියන්වහන්සේ ගේ පොරොන්දු කිසිවිටෙකත් නැති නොවෙන ස්තිරත්වයයි. උන්වහන්සේ වෙනස් නොවන්නාක් මෙන්ම උන්වහන්සේ තුලින් අපි උරුමකර ගන්නා ඒ සදාකාලික දීමනාව අපෙන් උදුරාගැනීමට මරණයටවත් නොහැකියි යන ඒ ස්ථිරත්වය පෙන්වාදීමයි.
දෙවියන්වහන්සේ මේ වගේ දේවල් මගේ ජිවිතයේ සිද්ධ වෙන්න ඉඩහරින්නේ ඇයි? දෙවියන්වහන්සේගේ පිහිට උපකාරය මට නොලැබෙන්නේ ඇයි? යනාදී වශයෙන් බොහෝවිට දෙවියන්වහන්සේ ගේ පැවැත්ම, ස්වභාවය, පොරොන්දු ගැන පවා සමහරවිට සැක සිතීමට පෙළඹෙමින්, මිනිසුන් කරන අපරාධ වලට දෙවියන්වහන්සේ සමග අමනාප වීමට පවා අපි පටන් ගන්නෙත්, ජීවිතය ගොඩනැගී ඇති බලාපොරොත්තුව සෙලවෙන්නට පටන් ගන්නා විටයි. එයට මුල්වන්නේ දෙවියන්වහන්සේ තුලින් ලබාගත් සියලු පොරොන්දු ගැන ඇති විශ්වාසය දුර්වල වීමයි. එවිට දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල විශ්වාසය සහ මතු බලාපොරොත්තුව කෙරෙහි පවා එය බලපායි. .
ඇදහිලිවන්තයන් හැටියට අප එකිනෙකා දෙවියන්වහන්සේ දී ඇති පොරොන්දු අල්ලාගෙන දෙවියන්වහන්සේගේ වචනය මත අපගේ ජිවිතයේ අත්තිවාරම ගොඩනගා ගෙන සිටීම වැදගත් වන්නේ, ඒ මත පමණක් අපගේ අනාගතය නමැති ඒ මතු බලාපොරොත්තුවද පිහිටා තිබීමේ හේතුවයි. ඒ අනුව අප ජීවිතය ගැන බලාපොරොත්තු තබා තිබෙන අපගේ ඒ අත්තිවාරම දුර්වල වන්නට ඉඩහරින විටදී ඒ සමගම ජිවිතයේ අනෙක් සියල්ලත් සෙලවීමට ලක්වන්නේ අස්ථිරත්වය මුල්කරගෙනයි.
ඇදහිලිවන්තයන් හැටියට අපගේ ජිවිත එවැනි සෙලවීම් වලට ලක්වන විටදී ඒ තත්වයෙන් ජයගැනීමට හැකි මාර්ගය යේසුස් වහන්සේ පෙන්වාදුන් අවස්තාවක් අලුත් ගිවිසුමේ දැකිය හැකියි. දෙවියන්වහන්සේගේ වචනය තුල අප රැඳී සිටින්නේ නම් අපට අප මුහුණදෙන ඕනෑම අභියෝගයක් ඉදිරියේ නොසැලී සිටගැනීමට හැකිබව යේසුස් වහන්සේ එහි පෙන්වාදෙනු පෙනෙයි.
"එහෙයින් යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදින්නේද, ඔහු පර්වතය පිට තමාගේ ගෙය සාදාගත් මනුෂ්‍යයෙකුට සමාන කරනු ලබන්නේය. වැසී වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; එය පර්වතය පිට පිහිටා තිබුන බැවින් නොවැටුනේය". -මතෙව් 7:24
දෙවියන්වහන්සේගේ වචනය පර්වතයකට සමාන කරමින් යේසුස් වහන්සේ පෙන්වාදෙන මේ උදාහරණය කියා සිටින්නේද ඇදහිලිවන්තයාට දෙවියන්වහන්සේ තුල ඇති ස්තිරකම ගැනයි. යේසුස් වහන්සේ මෙහිදී , අපගේ ජිවිත වලට අභියෝග පැමිණෙන්නේ නැහැ කියා නොව නුමුත් අපට හිටිහැටියේ මුහුණ දීමට සිදුවන එවැනි සෙලවීම් තුලදී දෙවියන්වහන්සේගේ වචනය මත අප ස්ථිරව සිටිනවා නම්, ජයගත හැකියි යන කාරණය පමණක් පවසනු පෙනෙයි. රෝම පොතෙන් පවුල් තුමා පෙන්වාදීමට උත්සාහ කරන්නේද දේව වචනය මත රැඳී සිටීමේ වැදගත්කම ගැනයි.
ක්‍රිස්තියානි ඇදහිල්ල මෙන්ම ක්‍රිස්තියානි ජිවිතයේ පැවැත්මත් ඒ අනුව දෙවියන්වහන්සේගේ වචනය මත පමණක් රැඳී තිබෙන බව එය අපට උගන්වයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පවා මෙහිදී ඇදහිලිවන්තයන් ශක්තිමත් කරන්නේද අස්ථිරත්වය හමුයේ බලාපොරොත්තුව රැකගැනීමට ගැනීම සඳහා ඇදහිලිවන්තයන් පවා දෙවියන්වහන්සේගේ පොරොන්දු අල්ලාගෙන ඒවා විශ්වසකරමින් ඒ මත දිනපතා ජීවිතය ගොඩනගා ගන්නා පිණිසයි.
ඒ ගැන වටහා දීමට පාවුල් තුමා කරන්නේ ප්‍රශ්ණ ඇසීමයි. රෝම පොතේ ඒවා මෙසේ සටහන් වෙයි.
*"ක්‍රිස්තුස් වහන්සේගේ අප්‍රමාණ ප්‍රේමයෙන් අපව වෙන් කළ හැක්කේ කාටද?
*විපත පැමිණවීමෙන් උන්වහන්සේ තුලින් අපට ඇති සදාකාල ජීවනය අපෙන් ඉවත් කිරීමට ඔවුන්ට හැකිවන්නේද?
*ඇදහිලිවන්තයන් හැටියට අප මෙළොව මුහුණදෙන සිත්වේදනාවට හෝ පිඩාවට හෝ දුර්භික්ෂයට හෝ නිර්වස්ත්‍රකමට අපව දෙවියන්වහන්සේගේ ඒ ප්‍රේමයෙන් වෙන් කිරීමට හැක්කේද?
*ක්‍රිස්තු ඇදහිල්ලට ඇති විරුද්ධකම නිසා ඔවුන් මා මරාදැමීමට රැකසිටියත් ඒ තුලින් ක්‍රිස්තුස් වහන්සේ තුලින් මා ලබාගෙන සිටින සදාකාල ජිවණය මා ගෙන් උදුරා දැමීමට ඔවුන්ට හැකිවන්නේද?
*කුරුසියේ ඇණ ගසා මරණු ලැබූ ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරදවා ජීවමානව නැවත නැගිටුන ආකාරයෙන්ම උන්වහන්සේ කෙරෙහි අදහන්නාද සදාකාල ජීවනයේ පංගුකාරයන් බව නොදන්නේද?
පීඩාවන් ඉදිරියේ අපට ඇති මතු බලාපොරොත්තුව යන මාතෘකාව ක්‍රිස්තුස් වහන්සේ අදහන ඇදහිලි වන්තයින් හොඳින් වටහාගෙන සිටිය යුතු වන්නේ, ක්‍රිස්තු ඇදහිල්ලට විරුද්ධව පිඩා කිරීමේ පුරුද්ද ක්‍රිස්තු ඉතිහාසයේ මුල පටන් දැකගත හැකි එකක්ද වන නිසායි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහාගැනීමට පැමිණීමේ හේතුව උඩ පමණක් ඒවා එල්ලවන බැවින් එවැනි දුක් පිඩා මධ්‍යයේ ඇදහිලිවන්තයන් හැටියට ඒවාට මුහුණ දෙන පිණිස අවශ්‍යය මඟ පෙන්වීම අපට ලබාගත හැක්කේ දේව වචනය වීම එහි පෙන්වාදී ඇති මඟපෙන්වීම දැනගෙන සිටීමේ අවශ්‍යයතාවය මතුකරයි. ඒ මඟ පෙන්වීම අපට දේව වචනය කියවීම තුලින් ලබාගත හැකියි.
දෙවියන්වහන්සේගේ කැමැත්තට කීකරුව යහපත් ජිවිතයක් ජීවත්වීමට කැමතිවන විට, ඒ අරමුණ කඩාදැමීමට එල්ලවන එවැනි බාධා කරදර සහ පීඩාවන් පිටුපසින් සාතාන් ලෙසින් පෙනීසිටින "වරදතබන්නාගේ” බලපෑමද තිබෙන බවත් දේව වචනය පැහැදිලිව කියා සිටියි. එයට හේතු වන්නේ අප දෙවියන්වහන්සේට සම්බන්ධව යහපත් ජිවිතයක් ගොඩනගා ගැනීම දැකීම හෝ දෙවියන්වහන්සේට ආත්මයෙන් සම්බන්ධවී ජීවත්වීම දැකීම හෝ දෙවියන්වහන්සේ සපයන ඒ සදාකාල ජීවනයට පංගුකාරයන් වීම දැකීම හෝ සාතන්ගේද කැමැත්ත නොවීමයි.
සාතාන්ගේ ඒ උත්සාහය සමගර අවස්තාවන් වලදී වේදනාකාරී වුවත් අවසානයේදී, ක්‍රිස්තුස් වහන්සේ තුළින් අපට ඇති අපගේ ඒ මතු බලාපොරොත්තුවෙන් හෝ දෙවියන්වහන්සේ අපට දක්වන උන්වහන්සේගේ ප්‍රේමයෙන් හෝ වෙන්කිරීමට ඒවාට නොහැකි බවත් පාවුල් තුමා මතක්කර දෙන්නේ ඒ නිසායි.
ඇදහිල්ලට විරුද්ධව නොයෙක් අවශ්තාවලදී නොසිතු ලෙසින්, නොසිතු ආකාරයේ පීඩාවන් එල්ල වීම පිටුපසින් ඇති අනෙක් බලපෑම වන්නේ, අප ජිවත්වන මේ ලෝකය සහ එහි වෙසෙන සියලුම මිනිසුන්ද සාතාන්ගේ ග්‍රහණයේ සිටීමයි. මේ හේතුවද බොහෝවිට පීඩාවන් වලට හේතුවී පසුබිමින් ක්‍රියාවට නැගෙයි.
"මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති." -රෝම 3:23.
ක්‍රිස්තියානි ජිවිතයට පැමිණෙන දුක් වේදනාවන් වලට දෙවියන්වහන්සේ තුළින් මුහුණ දීමේ ඇති අවශ්‍යතාවය පෙන්වා දෙමින් පවුල් තුමා එහි පවසා සිටින අනෙක් වැදගත් කාරනාව වන්නේ, දෙවියන්වහන්සේද මනුෂ්‍යයාට ප්‍රේම කරන බවයි.
එයින් ඔහු අදහස් කරන්නේ එය ඇදහිලිවන්තයන්ට පමණක් නොව නුමුත් සියලු ලෝකවාසීන් වෙනුවෙන් විහිදියන බවත් පැවසීමයි. මනුෂ්‍යන් හැටියට උපත ළද මෙළොව වසනා සෑම මනුෂයෙක් කෙරෙහිම දෙවියන්වහන්සේගේ මේ අප්‍රමාණ ප්‍රේමය, කිසි වෙනස් වීමකින් තොරව සැමවිටම එකසේ තිබෙන බව පෙන්වාදීමට ඔහු යොදාගන්නා උදාහරණය වන්නේ සියලු දෙනා වෙනුවෙන් කල යේසුස් වහන්සේගේ ජිවත පුජාවයි.
දෙවියන්වහන්සේ විසින් පාපිෂ්ඨ මනුෂ්‍යන් වන අප වැනි අය වෙනුවෙන් කළ ඒ අනගි ප්‍රේමයේ හරය තේරුම් ගැනීමට නම්, කුරුසිය වෙත අපගේ දෑස යොමුකළ යුතුවන්නේ පව්කාරයන්ව සිටියදී අප වෙනුවෙන් කුරුසිය මත උන්වහන්සේ වින්දාවූ ඒ වේදනාව සහ ජිවිත පුජාව අවබෝධ කරගන්නා පිණිසයි.
පව්කාර මිනිසා වෙනුවෙන් කුරුසියේ වේදනාවට කැමැත්තෙන්ම මුහුණදීම උන්වහන්සේ තුළ අප කෙරෙහි තිබුණ ඒ ප්‍රේමයේ ගැඹුර හා විශාලත්වය පෙන්නුම් කරයි. මිනිසුන් උන්වහන්සේට විරුධව උන්වහන්සේගේ සතුරන්ව සිටියදී, එවැනි පව්කරුවන් වූ අපව සදාකාල නිරයෙන් මුදාගනු පිණිස තම ජීවිතය පුජකිරිම මිනිසා වෙනුවෙන් ඇති දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ ගැඹුර පෙන්වයි. සදාකාල ජීවනය යනුවෙන් අදහස් කෙරෙන්නේ මරණය තුලින් අපගේ ආත්මය දෙවියන්වහන්සේට සම්බන්ධ වීම ගැනයි. මෙසේ අප යේසුස් වහන්සේගේ ජිවිත පුජාව නිසා නිරයට නොව නුමුත් දෙවියන්වහන්සේ සමග සදාකාලයේ ජීවත්වීමට මඟ පාදාගනියි.
"මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකිය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සැමදෙනම විනාශ නොවී “සදාකාල ජිවණය” ලබන පිණිසය." - යොහාන් 3:16
"යේසුස් වහන්සේ මේ දේවල් කියා ස්වර්ගය දෙසට ඇස් ඔසවා කියනසේක, “සදාකාල ජීවනය” නම් මේය; එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ළද තැනැත්තා වන ක්‍රිස්තුස් ඔවුන් විසින් අඳින ගැනීමය." -යොහාන් 17:1-4
(ධර්මදාස වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.)